Gradient යොදාගෙන ඡායාරූපයක color එක වෙනස් කරමූ…..

අප බලමු ඡායාරූපයක කළ එකක් ඉක්මනින්ම gradiant එකක් යොදාගෙන වෙනස් කරගන්නේ කෙසේද යන්න…


මෙමගින්  ඔබට ඔබගේ ඡායාරූපයට නව පෙනුමක් හා වර්ණයක් ලබා ගත හැක.


ඔබට ඉතා පහසුවෙන් හා ඉතා ඉක්මනින් මෙම ක්‍රමයට ඡායාරූපයකට නව පෙනුමක් එක් කළ හැකිය.


අපි යමු අද පාඩමට…


මම ඡායාරූපය open කරගන්නවා. Ctrl +O


ඉන්පසු මම එහි duplicate layer එකක් ලබා ගන්නවා.


ඒ සඳහා බැක්ග්‍රවුන්ඩ් එක මත right click කර duplicate එක ලබා දෙන්න..



ඉන්පසු background layer එක hide කර ගන්න. 


ඉන්පසු ajesment layer icon එක click කර gradient තෝරන්න. 



ඉන්පසු ඔබ මෙම ස්ථානය ක්ලික් කරන්න. ඔබට presets තුලින්  photoshop මගෙන් ලබාදුන් gradient  ලයිස්තුව පෙන්වා දෙයි. 



මම එහි පහල ඇති orange click කර මට අවශ්‍ය gradiant එක එක තෝරනවා. ඔබට අවශ්‍ය වන ආකාරයට ඔබ gradiant එක තෝරාගන්න. ඉන්පසුව ok කරන්න


ඉන්පසු blend mode එක color ලෙස වෙනස් කරන්න. ඉන්පසු opacity එක මගින් opacity එක අඩු කරන්න. 



අපි මෙය තව වැඩිදියුණු කරගැනීම සඳහා මම මෙම ඡායාරූපය selection එකක් යොදා වෙනම layer එකකට add කර ගන්නවා. 



ඒ සඳහා ඔබ කැමති selection tool එකක් ගැන ඒ වටා selection එකක් දාගන්න. 



ඉන්පසු ctrl +J press කරන්න. ඔබට පෙනෙනවා ඇත එය එක තව new layer එකක් මත අප select කරගත් කොටස පවතී…  මම එය ඉහලට ගෙන යනවා… 




ඉන්පසු එම ලේයර් එක සිලෙක්ට් කර නැවත adjesment > gradient ලබාදෙන්න. නැවත අප කළින් කළ ආකාරයටම ඔබට කැමති gradiant එකක් තෝරා ලබාදෙන්න. 




එය සම්පූර්ණයෙන්ම රූපයට ඇඩ් වී ඇත අපට අවශ්‍ය වන්නේ අප select කරගත් කොටසට පමණක් gradiant එක ඇඩ් කිරීම සඳහාය. ඒ සදහා අප clipping mask එකක් Add කර ගත යුතුය. 



ඒ සඳහා layer එක උඩ right click කර creat clipping mask ලබාදෙන්න. එහිද blend mode එක color එක ලෙස වෙනස් කරන්න…. opacity එක ඔබට අවශ්‍ය තරමට අඩු කරගන්න…



මේ ආකාරයට ඔබට අවශ්‍ය අයුරින් gradient යොදාගෙන මෙම ක්‍රියාකාරකම නැවත නැවත සිදු කරන්න.


Good luck….


Post a Comment

Previous Post Next Post