AI ගැන සටහනක්❗


මේ මම දකින විදිහ. මට වඩා අත්දැකීම් තියන ගොඩක් අය මෙතන ඉන්නවා. ඉතින් ඔයාලගේ අදහස් එකතු කරන්න. 

➖➖➖➖➖➖➖➖➖

AI කියන්නේ මුහුදු රැල්ලක් නම්  🌊🤖, ඔබ එම රැල්ල පදිනවාද නැතිනම් එහි ගිලෙනවාද? 🏄‍♂️

මේ වන විට AI සෑම රැකියා ක්ෂේත්‍රයකම සැලකිය යුතු ලෙස පැතිර ගොස් ඇත. 

මේ වෙද්දී AI ඇතැම් කාර්යයන්හිදී මිනිසුන් අභිබවා යන්න සමත් වෙලා තියනවා. ඉතින්, AI අපගේ රැකියා නැති කරයිද?

Digital marketer කෙනෙක් ලෙස මම දැකලා තියනවා,

AI විසින් graphic design, copy writing, analysis, video editing සහ decision-making වැනි කාර්යයන් සහ තවත් බොහෝ දේ වඩාත් දක්ෂ හා වඩා කාර්යක්ෂම ලෙස සිදු කරනවා.

නමුත් මෙහි අප තේරුම් ගතයුත්තේ  AI පැමිණ ඇත්තේ අපගේ රැකියා සොරකම් කිරීමට නොවේ, එය අපගේ productivity එක වැඩි කිරීම සඳහා යන්නයි.

ඉතින් , AI වලට බිය වීමට වඩා, AI මඟින් ඔබේ කාර්යය සරල කර ඔබේ productivity එක ඉහළ නැංවිය හැකි ආකාර සොයා ගැනීමට සතියකට යම් කාලයක් කැප කරන්න. අනුවර්තනය වන්න.

ඔබේ ව්‍යාපාරය, අධ්‍යාපනය, වෘත්තිය හෝ ජීවන රටාව වේවා, ඔබේ ජීවිතයේ විවිධ පැතිවල ඵලදායිතාව ඉහළ නැංවීමට AI භාවිතා කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.


AI කියන්නේ මුහුදු රැල්ලක් නම්, ඔබ එය පදිනවාද නැතිනම් එහි ගිලෙනවාද? ඔබ තීරණය කරන්න.


#AI #Productivity #AdaptAndThrive #BusinessGrowth #Carrier #DigitalMarketing 

Manoj Senarathna

Post a Comment

Previous Post Next Post