ටික කාලෙකට කලින් මගේ ජීවිතේ විශේෂ කෙනෙක් හිටියා

 

🥀 ටික කාලෙකට කලින් මගේ ජීවිතේ විශේෂ කෙනෙක් හිටියා

සරලව කිවුවොත් මේන් රෝල් එකක්

මගේ ජීවිතේ 1st ටයිම් ආදරේ මාර ලස්සනයි කියලා මට පෙන්නපු

ආදරේ කරන්නේ මෙහෙමයි කියලා මට කියලා දීපු කෙනා

හම්බෙලා ටික කාලයක් උනාට අපි හරි ක්ලෝස් උනා

සමහර තැන් වල අපි ආගියු කරගත්තා 

එහෙම වෙලාවක

එයා මට එක දවසක් කිවුවා

ඔයාට තියෙන්නේ පිස්සුවක්..

මට ඒක තේරුනේ අද

ඔයා එක්ක ඉදියොත් මමත් පිස්සෙක් වෙනවා

ඒ නිසා මාව අත අරින්න කියල


මට තාම මතකයි

මම එක දවසක් එහෙම් පිටින්ම ඇඩුවා

නොවදිනා වැදුම් වැන්දා...

අන්තිම පාරට කටහඩ අහන්න කතා කරන්න කිවුවා

බැගෑපත් උනා

කකුල් දෙක ලග වැටුනා

දාල යන්නෙපා කිවුවා

සමාව ගත්තා

මට පුලුවන් උපරිම කරා


ඒත් එයා ගහක් ගලක් වගේ ඉදියා

මට හිතුනා ඒ ඉන්නේ මම ආදරේ කර එයාමද කියලා

එයා වචනයක් වත් කිවුවේ නෑ

කතා කරෙත් නෑ


අඩල අඩල ඔලුව පුපුරන්න ගත්තම 

මම අන්තිමට හිතුවා

තවනම් බෑ

ඩිප්ප්‍රෙශන් වලදී ඇයි මිනිස්සු මැරෙන්නේ කියලා මට තේරුනා


මට ඕන උනේ එයාව

එයාගේ ආදරේ

එයාගේ මට දක්වපු කෙයාරින් කම

එයාගේ සිලෙක්ශන් 

මෙහෙම අදින්න

මේ ලිප්ස්ටික් එක ගාන්න

එයා මාව නිතරන ඇගයුවා


මට දරාගන්න අමාරු උනේ ඒ අහිමි වීම


එදා රෑ මම අඩල අඩලම තීරනයක් ගත්තා

එයාට මාව එපා වෙන්නේ කී ගුනයකින්ද.ඊට වඩා සිය ගුනයකින් මට එයා එපා කියලා.


මම දන්නවා

ඒ මතක ඇති මට 

මැරෙනකන්ම ජීවත් වෙන්න


අදත්

මට ෆින්ගර් ක්‍රොස් කරන් මොකක් වෙයිද කියලා හිතා ගන්න බැරි වෙලාවක

එයාගේ වචන මම මතක් කරනවා


" බාබා කිසිම කලබලයක් නෑ

හැමදේම හිමින් කල්පනාවෙන්

මම ඉන්නවා "


අතකින් වත් අල්ලන් නැතුව එයා මගේ හිත හයිය කරපු වචන ටික


ඒ වචන හැමදාම මගේ හිතේ තියෙයි

එයා නැතත්


අදටත් එයා මගේ වට්ස් ඇප් එකේ ඉන්නවා

ෆේස් බුක්..ඉන්ස්ටා වල ඉන්නවා

වට්සැප් ස්ටේටස් එකක් අහම්බෙන් සීන් උනොත් මම ජෝක් එකට රිප්ලයි එකක් දානවා

එයත් බලනවා

කවදාවත් එයා මුකුත් එවනේ නෑ

ඒකත් මම දන්නවා


කිසිම වෛරයක් නැතුව දාල ගිය එයාට මම තාම ආදරේ කරනවා

ඒත් එයාට මාව එපා නම් මටත් එයා එපා


තාම මතකයි එයාට යවපු අන්තිම මැසේජ් එක


"මිස්ටර්........

මම ඔයාට නොවැන්ද විතරයි

දැන් ඔයා බලාගන්න නොසලකා හැරීම කියන වචනේ හරිම තේරුම

හෙට ඉදල එක මැසේජ් එකක් කෝල් එකක් නොඑව්වට පැලෙන්න ආදරේයි.අමතක කරන්නේ නෑ.ඒත් ඔයා එපා...


____________________________________


ඔයා එපා කිවුව කෙනෙක් ලග වැද වැටෙන්න එපා

ඔයාගේ කදුලක බර...පපුවේ වේදනාව

නොදන්න කෙනෙක් ලග

කදුලු හලන්නත් එපා


අදට වැඩිය හෙට හරි ලස්සනයි යාලුවා


🥀

#තිලෝ

#copid

Post a Comment

Previous Post Next Post