වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි කළුතර බෝධිය ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි. එහි සඳහන් වන්නේ එය “මහා ජල්ලික” නම් ගමක රෝපණය කරන ලද බවයි. එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. මේ කාල වකවානුව තුළ උඩ මළුවේ (වර්තමාන වටදාගේ පිහිටි ස්ථානයේ) "ගංගාතිලකය" නම් වූ විහාරයක් පැවති බව සඳහන්වේ. වරින් වර විදේශ ආධිපත්‍යයට පත්වූ මෙම භූමිය බ්‍රිතාන්‍යයන්ට අයත්ව සිටි කාලයේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට වත් ඉඩ නොදී ඇති බව සඳහන්වේ.
වර්තමානයේ අටවිසි බුද්ධ ප්‍රතිමා ස්ථාපිත කර සාදන ලද ප්‍රාකාරයත්, රන් වැටත් බෝධීන් වහන්සේගේ තේජාන්විත භාවය මනාව ඉස්මතු කර පෙන්වයි. මෙයට දකුණු දෙසට වන්නට ඇති ධර්ම ශාලාවට යාබදව බ්‍රිතාන්‍යයින්ට අයත් ඵ්ජන්ත නිල නිවස සේ භාවිත ගොඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද්දකි. වර්තමානයේ මෙය නව ප්‍රතිසංස්කරණය කර ඇති අතර එහි කොටසක් ගබඩාව ලෙස ද, ප්‍රධාන කොටස තාවකාලික භික්‍ෂු ලැගුම් ගෙය ලෙස ද භාවිතා කරයි.
Kaluthara Api
